Ultimate magazine theme for WordPress.

ඉහළ වටිනාකමක් යටතේ චමරි හන්ඩ්‍රඩ් තරගාවලියට – ජේසන් රෝයි, මාර්ක් වුඩ් ඉවතට

එංගලන්තයේ පැවැත්වීමට නියමිත 2024 හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලිය (පිරිමි හා කාන්තා) සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු (draft) බදාදා (20) රාත්‍රියේ සිදු කෙරුණා.

එහිදී තරගාවලියේ කාන්තා තරගාවලිය සදහා ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු ද තෝරා ගැනීම විශේෂත්වයක්.

Oval Invincibles කණ්ඩායම විසින් පළමුවෙන්ම තෝරා ගත් ක්‍රීඩිකාව වූයේ චමරි අතපත්තුයි. ඇය පවුම් 50,000 ක (රුපියල් කෝටි 1.9 ක් පමණ) මිලක් හිමි කාණ්ඩය යටතේ ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත්ව සිටියා.

මේ අතර, තරගාවලියේ පිරිමි තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 9 දෙනෙකු ලියාපදිංචි වී සිටිය ද කිසිදු ක්‍රීඩකයෙකු තෝරා ගැනීමට කිසිදු කණ්ඩායමක් කටයුතු කළේ නැහැ.

ලන්ඩන් හි පැවැති ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී එංගලන්ත පිතිකරු ජේසන් රෝයි කිසිදු කණ්ඩායමක් විසින් තෝරා නොගැනීම ද කැපී පෙනුණා.

පසුගිය අදියරේ දී ඔහු Oval Invincibles කණ්ඩායමට ක්‍රීඩා කළ නමුත්, මෙවර තරගාවලියට පෙර ඔහුව සංචිතයෙන් නිදහස් කිරීමටයි පියවර ගැණුනේ.

ජේසන් රෝයි පවුම් 100,000 ක වටිනාකමක් හිමි කාණ්ඩයෙනුයි ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවට ඉදිරිපත්ව සිටියේ.

පසුගිය අදියරේ දී රෝයි සැලකිය යුතු දක්ෂතා නොදැක්වීම මෙන්ම ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඔහු LA Knight Riders කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතව තිබීම ඔහුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීමට හේතු වන්නට ඇති.

ඔහුව යම් කණ්ඩායමක් විසින් තෝරා ගත්ත ද මේජර් ලීග් තරගාවලිය නිසා ජේසන් රෝයිට හන්ඩ්‍රඩ් තරගාවලියේ පළමු තරග කිහිපය අහිමි වීමට නියමිතව තිබුණා.

මේ අතර, පවුම් 100,000 ක වටිනාකමක් හිමි කාණ්ඩයෙන්ම ඉදිරිපත්ව සිටි වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් ද කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

ආබාධ හා කාර්යය ප්‍රමාණය (workload) කලමනාකරණය කිරීමේ අරමුණින් ඔහු තරගාවලියේ පළමු අදියර තුන සදහාම ක්‍රීඩා කළේ නැහැ.

Squads

  • Birmingham Phoenix

Men’s squad: Chris Woakes, Naseem Shah, Liam Livingstone, Moeen Ali, Ben Duckett, Benny Howell, Adam Milne, Jamie Smith, Will Smeed, Sean Abbott, Tom Helm, James Fuller, Dan Mousley, Jacob Bethell

Women’s squad: Amy Jones, Sophie Devine, Richa Ghosh, Ellyse Perry, Katie Levick, Issy Wong, Emily Arlott, Hannah Baker, Seren Smale, Alisa Lister, Chloe Brewer, Sterre Kalis, Charis Pavely

  • London Spirit

Men’s squad: Zak Crawley, Andre Russell, Shimron Hetmyer, Nathan Ellis, Dan Lawrence, Liam Dawson, Dan Worrall, Olly Stone, Adam Rossington, Richard Gleeson, Ollie Pope, Daniel Bell-Drummond, Matthew Critchley, Michael Pepper

Women’s squad: Meg Lanning, Heather Knight, Grace Harris, Danielle Gibson, Charlie Dean, Sarah Glenn, Cordelia Griffith, Georgia Redmayne, Eva Gray, Sophie Munro, Hannah Jones, Tara Norris, Niamh Holland

  • Manchester Originals

Men’s squad: Jos Buttler, Jamie Overton, Phil Salt, Sikandar Raza, Paul Walter, Fazalhaq Farooqi, Tom Hartley, Usama Mir, Wayne Madsen, Josh Tongue, Max Holden, Josh Hull, Fred Klaassen, Mitchell Stanley

Women’s squad: Beth Mooney, Sophie Ecclestone, Sophie Molineux, Laura Wolvaardt, Lauren Filer, Eve Jones, Emma Lamb, Mahika Gaur, Fi Morris, Kathryn Bryce, Phoebe Graham, Ellie Threlkeld, Liberty Heap

  • Northern Superchargers

Men’s squad: Ben Stokes, Nicholas Pooran, Adil Rashid, Harry Brook, Reece Topley, Daniel Sams, Matthew Short, Brydon Carse, Adam Hose, Tom Lawes, Matthew Potts, Graham Clark, Callum Parkinson, Ollie Robinson

Women’s squad: Annabel Sutherland, Phoebe Litchfield, Georgia Wareham, Kate Cross, Bess Heath, Linsey Smith, Alice Davidson-Richards, Hollie Armitage, Grace Ballinger, Marie Kelly, Lucy Higham, Ella Claridge, Devina Perrin

  • Oval Invincibles

Men’s squad: Sam Curran, Tom Curran, Will Jacks, Adam Zampa, Jordan Cox, Gus Atkinson, Sam Billings, Saqib Mahmood, Spencer Johnson, Dawid Malan, Nathan Sowter, Donovan Ferreira, Tom Lammonby, Tawanda Muyeye

Women’s squad: Chamari Athapaththu, Marizanne Kapp, Alice Capsey, Lauren Winfield-Hill, Amanda-Jade Wellington, Tash Farrant, Mady Villiers, Paige Scholfield, Sophia Smale, Ryana MacDonald-Gay, Jo Gardner, Lizzie Scott, Georgie Boyce

  • Southern Brave

Men’s squad: Jofra Archer, Kieron Pollard, James Vince, Chris Jordan, Tymal Mills, Laurie Evans, Leus du Plooy, Akeal Hosein, Rehan Ahmed, Craig Overton, Finn Allen, Danny Briggs, George Garton, Alex Davies

Women’s squad: Smriti Mandhana, Danni Wyatt, Chloe Tryon, Lauren Bell, Maia Bouchier, Freya Kemp, Naomi Dattani, Georgia Adams, Lauren Cheatle, Kalea Moore, Tilly Corteen-Coleman, Rhianna Southby, Mary Taylor

  • Trent Rockets

Men’s squad: Joe Root, Rovman Powell, Rashid Khan, Imad Wasim, Alex Hales, Lewis Gregory, Luke Wood, Tom Banton, John Turner, Sam Hain, Sam Cook, Calvin Harrison, Jordan Thompson, Adam Lyth

Women’s squad: Ash Gardner, Nat Sciver-Brunt, Grace Scrivens, Alana King, Heather Graham, Bryony Smith, Katie George, Kirstie Gordon, Grace Potts, Alexa Stonehouse, Josie Groves, Kira Chathli, Cassidy McCarthy

  • Welsh Fire

Men’s squad: Jonny Bairstow, Tom Kohler-Cadmore, David Willey, Shaheen Afridi, Joe Clarke, Haris Rauf, Tom Abell, Glenn Phillips, David Payne, Luke Wells, Roelof van der Merwe, Jake Ball, Stevie Eskinazi, Chris Cooke

Women’s squad: Hayley Matthews, Sophia Dunkley, Shabnim Ismail, Tammy Beaumont, Jess Jonassen, Georgia Elwiss, Sarah Bryce, Freya Davies, Phoebe Franklin, Emily Windsor, Ella McCaughan, Claire Nicholas, Alex Griffiths

Leave a comment