Ultimate magazine theme for WordPress.

අලුබදුන රැක ගන්න යන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත අලුබදුන ක්‍රිකට් තරග මාලාව සදහා වන ඕස්ට්‍රේලියානු කාන්තා සංචිතය අද(29) ප්‍රකාශයට පත් කෙරුණා.

සංචිතය සදහා ආරම්භක පිතිකාරිණියක් වන Phoebe Litchfield මෙන්ම Kim Garth නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එමෙන්ම Tayla Vlaeminck ඕස්ට්‍රේලියානු A සංචිතය සදහා නම් කර ඇති අතර, ඔස්ට්‍රේලියානු A කාන්තා කණ්ඩායම අලුබදුන තරගාවලියට සමගාමීව එංගලන්තයේ තරග සංචාරයක නිරත වීමට නියමිතයි.

2015 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව කාන්තා අලුබදුන ශූරතාවය රැක ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව සිටිනවා.

එළඹෙන ජූනි හා ජූලි මාසවලට යෙදී ඇති කාන්තා අලුබදුන තරග මාලාවට එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් ඇතුළත් අතර, එම තරග රටා ත්‍රිත්වයෙන්ම ප්‍රසාද ලකුණු අතින් ඉහළින්ම පසුවන කණ්ඩායමටයි ශූරතාවය හිමි වන්නේ.

Australia Ashes squad:

Meg Lanning (c), Darcie Brown, Ashleigh Gardner, Kim Garth, Grace Harris, Alyssa Healy, Jess Jonassen, Alana King, Phoebe Litchfield, Tahlia McGrath, Beth Mooney, Ellyse Perry, Megan Schutt, Annabel Sutherland, Georgia Wareham

Australia A squad:

Maitlan Brown, Lauren Cheatle, Maddy Darke, Heather Graham, Nicole Faltum, Tess Flintoff, Charli Knott, Kate Peterson, Courtney Sippel, Tayla Vlaeminck, Courtney Webb, Amanda-Jade Wellington, Tahlia Wilson

Leave a comment