Ultimate magazine theme for WordPress.

අයි.සී.සීය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවයි

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා තාවකාලික තහනමක් පනවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අයි.සී.සීය සදහන් කළේ අද රැස් වූ අයි.සී.සී මණ්ඩලය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත් බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාමාජිකයෙකු ලෙස සිය බැදීම් බරපතල ලෙස කඩකරමින් සිටින බව අයි.සී.සී මණ්ඩලය රැස් වූ අවස්ථාවේ දී තීරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම, ක්‍රිකට් ආයතනයේ කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය හා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය, නියාමනය සහ/හෝ පරිපාලනය සඳහා රජයේ මැදිහත්වීමක් සිදු නොවන බවට සහතික වීමට නොහැකි වීම මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බවයි අයි.සී.ය සදහන් කළේ.

මෙම අත්හිටුවීමට අදාළ කොන්දේසි ICC මණ්ඩලය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇති.

අයි.සී.සී මාධ්‍ය නිවේදනය පහතින් –

The International Cricket Council (ICC) Board has suspended Sri Lanka Cricket’s membership of the ICC with immediate effect.

The ICC Board met today and determined that Sri Lanka Cricket is in serious breach of its obligations as a Member, in particular, the requirement to manage its affairs autonomously and ensure that there is no government interference in the governance, regulation and/or administration of cricket in Sri Lanka.

The conditions of the suspension will be decided by the ICC Board in due course.

Leave a comment