Ultimate magazine theme for WordPress.

ජාත්‍යන්තර තරග සදහා නවසීලන්ත ක්‍රිකට් ආයතනයට අනුමැතිය

එළඹෙන ගිම්හාන සෘතුවට අදාළ ජාත්‍යන්තර තරග වාරය සංවිධාන කිරීම සදහා නවසීලන්ත ක්‍රිකට් ආයතනයට එරට රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව පාකිස්තාන කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියේ දී එරට සංචාරය කිරීමට නියමිතයි.

එම තරගාවලියන්ට අදාළ තරග කාලසටහන් ලබන සතියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

ඊට අමතරව බංග්ලාදේශ කණ්ඩායම ද නවසීලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති බව සදහන්.

කෙසේ වෙතත්, නවසීලන්ත කණ්ඩායම ලබන ජනවාරි මාසයේ දී සිදු කිරීමට සැලසුම් කර තිබූ ඔස්ට්‍රේලියානු තරග සංචාරය කල් දැමීමටයි කටයුතු කර ඇත්තේ.

කොරෝනා වසංගතය සහ නිරෝධායන කාලසීමාව ඊට හේතු වී තිබෙනවා.

Leave a comment