Ultimate magazine theme for WordPress.

බට්ලර්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත T20 හා එක්දින සංචිත ප්‍රකාශයට පත් කෙරේ

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් 20යි 20 හා එක්දින තරගාවලි වෙනුවෙන් වන එංගලන්ත සංචිත නිවේදනය කර තිබෙනවා.

ජොස් බට්ලර් එරට සීමිත පන්දුවාර කණ්ඩායමේ නිත්‍ය නායකත්වයට පත් වීමෙන් පසුව එංගලන්තය ක්‍රීඩා කරන පළමු සීමිත පන්දුවාර තරගාවලිය වන්නේ ඉන්දියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලියයි.

20යි 20 සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත් අතර, එක්දින සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 34 හැවිරිදි Richard Gleeson 20යි 20 සංචිතයට නම් කර තිබෙනවා.

මෙතෙක් එක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් පමණක් ක්‍රීඩා කර ඇති Harry Brook එක්දින හා 20යි 20 සංචිත දෙකටම නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

20යි 20 තරගාවලිය ජූලි 7 වැනිදා සවුත්හැම්ටන් හී දී ආරම්භ වන අතර, දෙවැනි හා තෙවැනි තරග පිළිවෙලින් ජූලි 9 හා 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග 3 පැවැත්වෙන්නේ ජූලි 12, 14 හා 17 යන දිනවලදීයි.

England IT20 squad :

Jos Buttler (c), Moeen Ali, Harry Brook, Sam Curran, Richard Gleeson, Chris Jordan, Liam Livingstone, Dawid Malan, Tymal Mills, Matthew Parkinson, Jason Roy, Phil Salt, Reece Topley, David Willey

England ODI squad :

Jos Buttler (c), Moeen Ali, Jonathan Bairstow, Harry Brook, Brydon Carse, Sam Curran, Liam Livingstone, Craig Overton, Matthew Parkinson, Joe Root, Jason Roy, Phil Salt, Ben Stokes, Reece Topley, David Willey

Leave a comment