Ultimate magazine theme for WordPress.

රාහුල්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි; ආදේශක පිතිකරුවාත් නම් කෙරේ

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඉන්දීය ආරම්භක පිතිකරු කේ.එල් රාහුල්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුගේ වම් පාදයේ සිදුව ඇති ආබාධයක් හේතුවෙන්.

ලබන මාසයේ දී පැවැත්වීමට නියමිත දකුණු අප්‍රිකා තරගාවලිය වෙනුවෙන් සූදානම් වීමේ අරමුණින් කේ.එල් රාහුල් සිය ආබාධය සම්පූර්ණයෙන් සුව කර ගැනීම සදහා ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී පුනරුත්තාපන කටයුතු සදහා එක් වීමට නියමිතයි.

ඒ අනුව ඔහු වෙනුවට සූර්යකුමාර් යාදෙව් සංචිතයට කැදවීමටයි ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 25 වනදා කන්පූර්හී දී ආරම්භ වීමට නියමිතයි.

India’s Test squad:

Ajinkya Rahane (Captain), Mayank Agarwal, Cheteshwar Pujara (vice-captain), Shubman Gill, Shreyas Iyer, Suryakumar Yadav, Wriddhiman Saha (wicket-keeper), KS Bharat (wicket-keeper), Ravindra Jadeja, R. Ashwin, Axar Patel, Jayant Yadav, Ishant Sharma, Umesh Yadav, Md. Siraj, Prasidh Krishna

Leave a comment