Ultimate magazine theme for WordPress.

අවසන් තරගයට එංගලන්ත සංචිතය නම් කෙරේ – ආචර්ටත් කැදවීමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්.

කණ්ඩායමේ ජෛව ආරක්ෂිත උපදෙස්වලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් දෙවන තරගයෙන් ඉවත් කෙරුණු වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර් ද සංචිතයට නම් කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

එම වරද හේතුවෙන් ඔහුට දඩ නියම කිරීමට සහ නිල අනතුරු ඇගවීමේ ලිපියක් ද නිකුත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගත්තා.

ජේම්ස් ඇන්ඩර්සන් සහ මාර්ක් වුඩ් ද මෙම සංචිතයට නම් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය මේ වන විට කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් සම තත්ත්වයේ පසුවන අතර, අවසන් තරගය හෙට(24) මැන්චෙස්ටර් හී දී ආරම්භ වීමට නියමිතයි.

England squad for final Test:

Joe Root (Yorkshire) captain, James Anderson (Lancashire), Jofra Archer (Sussex), Dominic Bess (Somerset), Stuart Broad (Nottinghamshire), Rory Burns (Surrey), Jos Buttler (Lancashire), Zak Crawley (Kent), Sam Curran (Surrey), Ollie Pope (Surrey), Dom Sibley (Warwickshire), Ben Stokes (Durham), Chris Woakes (Warwickshire), Mark Wood (Durham).

Leave a comment