Ultimate magazine theme for WordPress.

දසුන්ගේ නායකත්වයෙන් යුත් එක්දින හා 20යි 20 සංචිත නම් කෙරේ

සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(16) නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

ඒ අනුව ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් යුත් සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ලබන අතර, උප නායකයා ලෙස පත් කර ඇත්තේ ධනංජය ද සිල්වායි.

කෙසේ වෙතත්, ආබාධ හේතුවෙන් මෙම සංචිතයට ඇතුළත්ව ඇති කුසල් ජනිත් එක්දින හා 20යි 20 තරගාවලි සදහා ක්‍රීඩා නොකරන අතර, බිනුර ප්‍රනාන්දු එක්දින තරගාවලිය සදහා පමණක් ක්‍රීඩා නොකරනු ඇති.

භානුක රාජපක්ෂ යළි ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබීම විශේෂත්වයක්.

දෙරට අතර පැවැත්වීමට නියමිත එක්දින තරග 3 කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ජූලි 18, 20 හා 23 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

20යි 20 තරගාවලිය ජූලි 25, 27 හා 29 යන දිනවලදී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

සංචිතය –

01) Dasun Shanaka – Captain
02) Dhananjaya De Silva – Vice Captain
03) Kusal Janith Perera – Will not take part due to Injury
04) Avishka Fernando
05) Bhanuka Rajapaksa
06) Pathum Nissanka
07) Charith Asalanka
08) Wanindu Hasaranga
09) Ashen Bandara
10) Minod Bhanuka
11) Lahiru Udara
12) Ramesh Mendis
13) Chamika Karunaratne
14) Binura Fernando – Will not take part in the ODI series due to Injury
15) Dushmantha Chameera
16) Lakshan Sandakan
17) Akila Dhananjaya
18) Shiran Fernando
19) Dhananjaya Lakshan
20) Ishan Jayaratne
21) Praveen Jayawickrema
22) Asitha Fernando
23) Kasun Rajitha
24) Lahiru Kumara
25) Isuru Udana

Leave a comment