Ultimate magazine theme for WordPress.

ඉන්දියාව ජූලි 4 තෙක් කොළඹ දී නිරෝධායනයට

ජූලි මාසයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන සීමිත පන්දුවාර තරග සදහා සහභාගී වීමේ අරමුණින් ඉන්දීය කණ්ඩායම ලබන 28 වනදා දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ, තරගාවලියේ නිල කාලසටහන ද එළි දක්වමින්.

ඉන්දියාව මෙරට තරග සංචාරයක නිරත වන්නේ වසර 3කටත් වැඩි කාලයකට පසුවයි.

ඔවුන් අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණේ 2018 වසරේ මාර්තු මාසයේ පැවැති නිදහස් කුසලාන තරගාවලිය වෙනුවෙනුයි.

මෙවර තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජූනි 28 වනදා දිවයිනට පැමිණෙන ඉන්දීය ක්‍රීඩකයින් ජූනි 29 වනදා සිට ජූලි 1 දක්වා හෝටල් කාමර තුළම නිරෝධායනට ලක් කෙරෙනවා.

අනතුරුව නිරෝධායනයට ලක් වන අතරතුරම පුහුණුවීම් සදහා ද එක්වීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට හිමිවන්නේ ජූලි 2-4 කාලයේ දී යි.

ජූලි 5-12 අතර කාලයේ දී නිරෝධායනයකින් තොරව පුහුණුවීම් කටයුතු සිදු කළ හැකියි.

එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි.

ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ තරගාවලිය සංවිධාන කරන අතර, සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ALSO READ : ශ්‍රී ලංකා සංචාරය සදහා ඉන්දීය සංචිතය නම් කෙරේ; නායකත්වය ධවාන්ට

තරග කාලසටහන –

13th July 2021 : 1st ODI  – RPICS, Colombo Day Night
16th July 2021 : 2nd ODI – RPICS, Colombo Day Night
18th July 2021 : 3rd ODI – RPICS, Colombo Day Night

21st July 2021 : 01st T20i – RPICS, Colombo Night
23rd July 2021 : 02nd T20i – RPICS, Colombo Night
25th July 2021 : 03rd T20i – RPICS, Colombo Night

Leave a comment