බංග්ලාදේශය පරදා ශ්‍රී ලංකා නැගී එන පිලට පහසු ජයක්
Match Report

බංග්ලාදේශ නැගී එන කණ්ඩායම සමග පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 99 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අද(17) සමත් වුණා.
දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පන්දුවාර 48.1 ක් අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 245 ක් රැස් කර ගෙන සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
අනතුරුව ශ්‍රී ලංකා ඉනිම යළි ආරම්භ කිරීමට නොහැකි වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ නැගී එන කණ්ඩායමට තරගය ජය ගැනීම සදහා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 47 කදී ලකුණු 252 ක ඉලක්කයක් හිමි වුණා.
නමුත්, ඔවුන්ට සියලු දෙනා දැවී පන්දුවාර 38 කදී ලබා ගත හැකි වූයේ ලකුණු 152 ක් පමණයි.
Abdullah Al Mamun ලකුණු 64 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී අශේන් ඩැනියල් ලකුණු 30 කට කඩුලු 4 ක් හා ඒෂාන් මාලිංග ලකුණු 36 කට කඩුලු 3 ක් දවා ගත්තා. විජයකාන්ත් වියස්කාන්ත් කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 44 ක් ලබා දෙමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන පිල වෙනුවෙන් නායක අහන් වික්‍රමසිංහ නොදැවී ලකුණු 68(53) ක්, නවෝද් පරණවිතාන ලකුණු 66(71) ක් හා මොහමඩ් ශමාස් ලකුණු 62(89) ක් රැස් කළා.
පන්දු යැවීමේ දී Ripon Mondol ලකුණු 32 කට කඩුලු 4 ක් බිද හෙලුවා.
ඒ අනුව කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 1-0 ක් ලෙස මේ වන විට පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටිනවා.
බංග්ලාදේශ නැගී එන පිලේ ශ්‍රී ලංකා සංචාරයේ දී සිව්දින තරග 2 ක් ද පැවැත්වීමට නියමිතයි.
Sri Lanka Emerging Team – One Day Squad:
1. Shevon Daniel
2. Sohan de Livera (WK)
3. Pavan Rathnayake
4. Navod Paranavithana
5. Ahan Wickramasinghe (C)
6. Mohammed Shamaaz
7. Sonal Dinusha
8. Chamindu Wickramasinghe
9. Chamindu Wijesinghe
10. Vijayakanth Viyaskanth
11. Ashian Daniel
12. Chamika Gunasekara
13. Eshan Malinga
14. Wanuja Sahan
15. Nipun Premaratne
Sri Lanka Emerging Team – Four Day Squad:
1. Abisheak Liyanaarachchi
2. Navod Paranavithana
3. Pawan Ratnayake
4. Sohan de Livera (WK)
5. Ahan Wickramarasinghe
6. Sonal Dinusha (C)
7. Chamindu Wijesinghe* (Only for 1st Four Day)
8. Sakuna Liyanage
9. Shashika Dulshan
10. Kavindu Nadeeshan
11. Kalhara Senarathne
12. Chamika Gunasekara
13. Eshan Malinga
14. Nipun Premaratne
15. T Vithusan
16. Chamindu Wickramasinghe* (Only for 2nd Four Day)