මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු නිර්දේශ කෙරේ

සැප්තැම්බර් මාසයට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය පිරිනමන මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ කර තිබෙනවා.
ඒ අනුව නිමා වූ ටෙස්ට් තරගවලදී ඉහළ දක්ෂතා දැක් වූ කමිදු මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය එම සම්මානය සදහා මෙවර නිර්දේශ කර ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.
ඔවුන් දෙදෙනාට අමතරව ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ද එම සම්මානයට නිර්දේශ කර තිබෙනවා.
මෙන්ඩිස් පසුගිය මාසයේ දී ටෙස්ට් තරග 4ක් ක්‍රීඩා කළ අතර, එහිදී ඔහු ලකුණු 451 ක් ලබා ගත්තේ ඉනිමක සාමාන්‍ය 90.20 ක් ලෙස සටහන් කර ගනිමින්.
නවසීලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලියේ තරග දෙක තුළ දී ප්‍රභාත් ජයසූරිය කඩුලු 18 ක් දවා ගනිමින් ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වුණා.
මේ අතර, මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සම්මානය සදහා නිර්දේශිත නාම ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.
- Tammy Beaumont (England)
- Aimee Maguire (Ireland)
- Esha Oza (UAE)