Watch : පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී ගිය ග්ලේන් පිලිප්ස්ගේ ආවේගශීලී ප්‍රතිචාරය

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයේ දී අවාසනාවන්ත දුවද්දී දැවී යාමකට මුහුණ දීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ පිතිකරු ග්ලේන් පිලිප්ස්ට අද(18) සිදු වුණා.
කොළම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමයි.
මෙම තරගයේ දී ග්ලේන් පිලිප්ස් මුහුණ දුන් පළමු පන්දුවෙන්මයි ඔහු දුවද්දී දැවී ගියේ.
අනෙක් අන්තයේ රැදී සිටි පිතිකරු වූ රහ්මනුල්ලාහ් ගුර්බාස්ගේ වරදින් මෙම දුවද්දී දැවී යාම සිදු වූ බවක් දක්නට ලැබුණු අතර, දැවී යාමෙන් පසුව පිලිප්ස් විසින් ඉතා ආවේගශීලී අයුරින් ඊට ප්‍රතිචාර දක්වන ආකාරයක් ද දැක ගත හැකි වුණා.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) July 18, 2024