Watch : සූර්ය පැනලයක් විනාශ කළ ස්කොට්ලන්ත ආරම්භක පිතිකරුවාගේ දැවැන්ත හයේ පහර

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ 6 වැනි තරගයේ දී දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට ස්කොට්ලන්ත ආරම්භක පිතිකරු මයිකල් ජෝන්ස් සමත් වුණා.
බාර්බඩෝස්හී දී ආරම්භ වූ තරගයේ දී ඔවුන්ගේ ප්රතිවාදීන් වූයේ ප්රබල එංගලන්ත කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ක්රිස් ජෝර්ඩන් යොමු කළ ස්කොට්ලන්ත ඉනිමේ 6 වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවට මයිකල් ජෝන්ස් විසින් අදාළ හයේ පහර එල්ල කළා.
එහිදී පන්දුව ක්රීඩාගාරයේ වහලයක් මත තිබූ සූර්ය පැනලයක් මත වැදී අසල තිබූ රථගාල වෙත ඇදී යාම කැපී පෙනුණා.
පන්දුව වැදීමෙන් පසුව අදාළ සූර්ය පැනලයට ද හානි සිදුව ඇති අයුරු දැකගත හැකි වුණා. (දර්ශන පහතින්)
View this post on Instagram
The bill's in the post, Michael Jones 🤣🚀#BBCCricket #T20WorldCup #ENGvSCO pic.twitter.com/iHmBSefrDW
— Test Match Special (@bbctms) June 4, 2024