Ultimate magazine theme for WordPress.

Hundred 2024 : රෝයි, මලාන්, බැන්ටන්, නරේන් හා ක්ලාසන් සංචිතවලින් නිදහස් කෙරේ

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 2024 අදියර වෙනුවෙන් කණ්ඩායම් අට විසින් සිය සංචිතවල රදවා ගත් හා නිදහස් කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.

ජේසන් රෝයි හා ඩේවිඩ් මලාන් එලෙස නිදහස් කළ ක්‍රීඩකයින් අතරට ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

රෝයි ඕවල් ඉන්වින්සිබල්ස් කණ්ඩායම නියෝජනය කළ අතර, පසුගිය වසරේ දී එම කණ්ඩායම ශූරතාවය ද දිනා ගැනීමට සමත් වුණා.

ඔහු හන්ඩ්‍රඩ් තරගාවලිය පැවැත්වෙන කාලරාමුවේ දී ම ඇමෙරිකාවේ පැවැත්වෙන මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට අපේක්ෂාවෙන් පසුවීම ද ඉන්වින්සිබල්ස් කණ්ඩායම විසින් ජේසන් රෝයි සංචිතයෙන් නිදහස් කිරීමට හේතු වන්නට ඇති.

සුනිල් නරේන් හා හෙන්රික් ක්ලාසන් ද එම සංචිතයෙන් නිදහස් කිරීමටයි පියවර ගෙන ඇත්තේ. ඔවුන් දෙදෙනාම මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර සදහා ක්‍රීඩා කළා.

රෂීඩ් ඛාන් (ට්‍රෙන්ට් රොකට්ස්), ෆින් ඇලන් (සදර්න් බ්‍රේව්), හැරිස් රවුෆ් (වෙල්ෂ් ෆයර්), ඇඩම් සම්පා (ඕවල් ඉන්වින්සිබල්ස්) හා ස්පෙන්සර් ජොන්සන් (ඕවල් ඉන්වින්සිබල්ස්) යන ක්‍රීඩකයින් සිය සංචිතවල රදවා ගැනීමට පියවර ගෙන ඇතත්, ඔවුන් ද මේජර් ලීග් ක්‍රිකට් තරගාවලිය හා සම්බන්ධතා දක්වනු ලබනවා.

ඩේවිඩ් මලාන් හා ටොම් කොහ්ලර්-කැඩ්මෝර් ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායමෙන් නිදහස් කර ඇති අතර, ටොම් බැන්ටන් නොදර්න් සුපර්චාර්ජර්ස් කණ්ඩායම විසින් නිදහස් කර තිබෙනවා.

වෙල්ෂ් ෆයර් කණ්ඩායම විසින් ඔලී පෝප් සිය සංචිතයෙන් නිදහස් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.

2024 හන්ඩ්‍රඩ් තරගාවලිය ජූලි 23 වැනිදා සිට අගෝස්තු 18 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) මෙම මාසයේ දී පැවැත්විමට නියමිතයි.

  • Retained players

Birmingham Phoenix Women: Sophie Devine, Ellyse Perry, Issy Wong, Emily Arlott, Hannah Baker, Sterre Kalis, Charis Pavely

Birmingham Phoenix Men: Chris Woakes, Liam Livingstone, Moeen Ali, Ben Duckett, Benny Howell, Adam Milne, Jamie Smith, Will Smeed, Tom Helm, Jacob Bethell

London Spirit Women: Heather Knight, Grace Harris, Danielle Gibson, Charlie Dean, Sarah Glenn, Georgia Redmayne, Sophie Munro, Tara Norris

London Spirit Men: Zak Crawley, Nathan Ellis, Dan Lawrence, Dan Worrall, Liam Dawson, Adam Rossington, Olly Stone, Matt Critchley, Daniel Bell-Drummond

Manchester Originals Women: Sophie Ecclestone, Laura Wolvaardt, Emma Lamb, Mahika Gaur, Fi Morris, Kathryn Bryce, Ellie Threlkeld, Liberty Heap

Manchester Originals Men: Jos Buttler, Jamie Overton, Phil Salt, Paul Walter, Tom Hartley, Usama Mir, Wayne Madsen, Josh Tongue, Max Holden, Fred Klaassen, Mitchell Stanley

Northern Superchargers Women: Phoebe Litchfield, Georgia Wareham, Kate Cross, Bess Heath, Linsey Smith, Alice Davidson-Richards, Hollie Armitage, Marie Kelly

Northern Superchargers Men: Ben Stokes, Adil Rashid, Harry Brook, Reece Topley, Matthew Short, Brydon Carse, Adam Hose, Matthew Potts, Callum Parkinson, Ollie Robinson

Oval Invincibles Women: Marizanne Kapp, Alice Capsey, Lauren Winfield-Hill, Tash Farrant, Mady Villiers, Paige Schofield, Sophia Smale, Ryana MacDonald-Gay

Oval Invincibles Men: Sam Curran, Tom Curran, Will Jacks, Adam Zampa, Jordan Cox, Gus Atkinson, Sam Billings, Saqib Mahmood, Spencer Johnson, Nathan Sowter, Tawanda Muyeye

Southern Brave Women: Danni Wyatt, Chloe Tryon, Lauren Bell, Maia Bouchier, Freya Kemp, Georgia Adams, Rhianna Southby, Mary Taylor

Southern Brave Men: Jofra Archer, James Vince, Chris Jordan, Tymal Mills, Leus Du Plooy, Rehan Ahmed, Craig Overton, Finn Allen, George Garton, Alex Davies

Trent Rockets Women: Nat Sciver-Brunt, Alana King, Bryony Smith, Kirstie Gordon, Alexa Stonehouse, Grace Potts

Trent Rockets Men: Joe Root, Rashid Khan, Alex Hales, Lewis Gregory, Luke Wood, John Turner, Sam Hain, Sam Cook

Welsh Fire Women: Hayley Matthews, Sophia Dunkley, Shabnim Ismail, Tammy Beaumont, Georgia Elwiss, Sarah Bryce, Freya Davies, Emily Windsor

Welsh Fire Men: Jonny Bairstow, David Willey, Joe Clarke, Haris Rauf, Tom Abell, David Payne, Glenn Phillips, Luke Wells, Roelof Van der Merwe, Stephen Eskinazi, Chris Cook

Leave a comment