Ultimate magazine theme for WordPress.

T20 World Cup : ත්‍රස්ත ප්‍රහාරයක අවධානම හමුවේ නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ ආරක්ෂාව දැඩි කෙරේ

මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී තරග 8 ක් පැවැත්වීමට නියමිත අතර, එම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු තරගය ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ජූනි තුන් වැනිදා පැවැත්වීමට නියමිතයි.

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නුවර පැවැත්වීමට නියමිත තරග සදහා වැඩි ආරක්ෂාවක් ලබා දීමට බළධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, ජූනි 9 වැනිදා නිව් යෝර්ක් නුවර Eisenhower Park ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ඉන්දියාව හා පාකිස්තානය අතර තරගය සදහා ත්‍රස්ත ප්‍රහාරයක අවධානමක් පවතින බවට තොරතුරු වාර්තා වීමත් සමගයි.

කෙසේ වෙතත්, මෙලෙස ත්‍රස්ත ප්‍රහාරයක අවධානමක් ඇති බවට තහවුරු කිරීම සදහා කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොමැති බව ද සදහන්.

“මේ අවස්ථාවේ දී විශ්වාස කළ හැකි තර්ජනයක් නොමැති නමුත්, ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස මම නිව් යෝර්ක් ප්‍රාන්ත පොලිසියට උපදෙස් ලබා දී තිබෙනවා.” යනුවෙන් ට්විටර් (x) පණිවිඩයක් නිකුත් කරමින් ආණ්ඩුකාර Kathy Hochul පෙන්වා දෙනවා.

මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී තරග 8 ක් පැවැත්වීමට නියමිත අතර, එම ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු තරගය ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර ජූනි තුන් වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඉන්දියාව මෙම ක්‍රීඩාංගනයේ දී තරග 4 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි. ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ජූනි 5 වැනිදා පැවැත්වෙන්නේ අයර්ලන්තයට එරෙහිවයි.

තරගාවලිය ආරම්භ වීමට පෙර ඉන්දියාව ක්‍රීඩා කරන පුහුණු තරගය ද බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට නියමිතව ඇත්තේ නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ දී යි.

ලෝක කුසලානයේ දී නිව් යෝර්ක් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරග –

  • June 3: Sri Lanka vs South Africa
  • June 5: India vs Ireland
  • June 7: Canada vs Ireland
  • June 8: Netherlands vs South Africa
  • June 9: India vs Pakistan
  • June 10: South Africa vs. Bangladesh
  • June 11: Pakistan vs Canada
  • June 12: USA vs India