Ultimate magazine theme for WordPress.

Watch : ටෙස්ට් කඩුලු 700 ක් දවා ගත් පළමු වේග පන්දු යවන්නා බවට ඇන්ඩර්සන් පත් වූ අවස්ථාව

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් අද (9) සිය 700 වැනි ටෙස්ට් කඩුල්ල බිද හෙලීමට සමත් වුණා.

ඒ, ඉන්දියාව සමග ධරම්සාලා හී දී පැවැත්වෙන පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේ දී යි.

ඉන්දීය පළමු ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස කුල්දීප් යාදව් ලකුණු 30 කට දවා ගනිමින් ඇන්ඩර්සන් මෙම කඩඉමට ළගා වුණා.

ඔහු ඉතිහාසගත වූයේ ටෙස්ට් කඩුලු 700 ක් දවා ගත් ඉතිහාසයේ පළමු වේග පන්දු යවන්නා ලෙසයි.

එමෙන්ම කඩුලු 700 ක් දවා ගත් ටෙස්ට් ඉතිහාසයේ තෙවැනි පන්දු යවන්නා වන්නේ ද ඔහුයි.

මීට පෙර ටෙස්ට් කඩුලු 700 ක් බිද හෙලූ පන්දු යවන්නන් වන්නේ මුත්තයියා මුරලිදරන් (කඩුලු 800) හා ශේන් වෝර්න් (708) පමණයි.

ඇන්ඩර්සන් මේ වන විට ක්‍රීඩා කරන්නේ සිය 187 වැනි ටෙස්ට් තරගයයි.  2003 වසරේ මැයි මාසයේ ජාත්‍යන්තර පිටියට පිවිසි ඔහු මේ වන විට වසර 21 ක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැදී සිටිනවා.