Ultimate magazine theme for WordPress.

කඩුලු අටක ජයක් සමග කොදෙව්වන් ප්‍රසාද ලකුණු සටහනේ මුල් තැනට

Match Report

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවා ගනිමින් තරගාවලියේ 13 වැනි තරගයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම අද(10) සමත් වුණා.

සාජාහී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8 ක් දැවී ලකුණු 103 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩිකාවන් පන්දුවාර 12.5 ක් පමණක් අවසානයේ කඩුලු 2 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

කොදෙව්වන් වෙනුවෙන් නායිකා Hayley Matthews ලකුණු 34 ක් රැස් කළ අතර, Stafanie Taylor ලකුණු 27 ක් ලබා සිටියදී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ලකුණු 39 ක් ලබා ගත් නායිකා Nigar Sultana.

පන්දු යැවීමේ දී Karishma Ramharack ලකුණු 17 කට කඩුලු 4 ක් දවා ගත්තා.

මෙම ජයත් සමග B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට ද කොදෙව්වන් සමත් වුණා. ඒ, ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරග තුනෙන් තරග 2ක් ජය ගනිමින්.