ඉන්දු – කැනඩා තරගය වර්ෂාව නිසා අත්හැර දැමේ

2024 T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලයේ 33 වැනි තරගය වර්ෂාව හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීමක් හෝ සිදු නොකර අත්හැර දැමීමට විනිසුරුවන් අද(15) තීරණය කළා.
ඉන්දියාව හා කැනඩාව අතර මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ඇමෙරිකාවේ ෆ්ලොරිඩාහි Lauderhill හී දී යි.
මෙම තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීම නිසා කණ්ඩායම් දෙකටම ප්රසාද ලකුණ බැගින් හිමි වුණා.
ඒ අනුව ඉන්දියාව ප්රසාද ලකුණු 7 ක් ලබා ගනිමින් A කාණ්ඩයේ ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගනිමින් මූලික වටය අපරාජිතව අවසන් කිරීමට සමත් වුණා.
කැනඩාව ප්රසාද ලකුණු 3 ක් හිමි කර ගනිමින් මේ වන විට ප්රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැදී සිටිනවා.
මෙම කාණ්ඩයෙන් සුපිරි 8 වටයට සුදුසුකම් ලැබූ අනෙක් කණ්ඩායම වන්නේ ප්රසාද ලකුණු 5 ක් ලබා සිටින ඇමෙරිකාවයි.
[team_standings 59912]