Ultimate magazine theme for WordPress.

සන්රයිසස් පරදා මුම්බායි ඉන්දියන්ස් පිලට තියුණු ජයක්

Match Report

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 25 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 14 ක තියුණු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අද (18) සමත් වුණා.

හයිදරාබාද්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 193 ක ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 178 ක් පමණයි.

මයාන්ක් අගාර්වල් පන්දු 41කින් ලකුණු 48 ක් රැස් කළා. හෙන්රික් ක්ලාසන් ලකුණු 36(16) යි. නායක ඒඩ්න් මාක්‍රම් ලකුණු 22 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Jason Behrendorff, Riley Meredith හා පියුෂ් චවුලා කඩුලු 2 බැගින් දවා ගත්තා. කැමරන් ග්‍රීන් කඩුල්ලක් දවා ගත්තේ ලකුණු 29 ක් ලබා දෙමින්. අර්ජුන් තෙන්ඩුල්කාර්ගේ මංගල අයි.පී.එල් කඩුල්ල ලෙස බුවනේෂ්වර් කුමාර් දැවී ගියේ සන්රයිසස් ඉනිමේ අවසන් කඩුල්ල ලෙසයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 20 අවසානයේ ලකුණු 192 ක් ලබා ගත්තේ කඩුලු 5 ක් දැවී සිටියදීයි.

කැමරන් ග්‍රීන් පන්දු 40 කින් නොදැවී ලකුණු 64 ක් රැස් කළේ හයේ පහර 2 ක් හා හතරේ පහර 6 ක් සමගින්. ඉෂාන් කිෂන් ලකුණු 38 ක් හා තිලක් වර්මා ලකුණු 37 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මාර්කෝ ජන්සෙන් කඩුලු 2 ක් ද, බුවනේෂ්වර් කුමාර් හා ටී නටරාජන් කඩුල්ල බැගින් ද බිද හෙලුවා.