හෙටින් ඇරඹෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ විකාශන කටයුතු හා DRS ගැන නිවේදනයක්
අයි.සී.සී ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය හෙට(18) සිම්බාබ්වේ හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය ආරම්භ කරමින් හෙට දිනයේ දී තරග දෙකක් පැවැත්වීමට නියමිතයි. ඒ අනුව සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම නේපාලයට එරෙහිව ද, බටහිර ඉන්දීය කොදෙව්වන් ඇමෙරිකාවට එරෙහිව ද තරග වැදීමට නියමිතයි.
ජූලි 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත තරගාවලිය හරාරේ හි හා බුලවායෝ හි ක්‍රීඩාංගන හතරක දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
1996 ලෝක ශූර ශ්‍රී ලංකාව එහි B කාණ්ඩයෙන් තරග වදින අතර, දෙවරක් ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම A කාණ්ඩයෙන් තරග කිරීමට නියමිතයි.
මූලික වටයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වන්නේ අයර්ලන්තය, ස්කොට්ලන්තය, ඕමානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයයි. A කාණ්ඩය සදහා කොදෙව්වන්ට අමතරව සිම්බාබ්වේ, නෙදර්ලන්තය, නේපාලය හා අමෙරිකා එක්සත් ජනපදය යන රටවල් ඇතුළත්.
තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අනිද්දා (19) එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි. (සම්පූර්ණ තරග කාලසටහන පහතින්)
සෑම කණ්ඩායමක්ම මූලික වටයේ දී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිත අතර, කාණ්ඩ දෙකේම පළමු ස්ථාන තුන හිමි කර ගන්නා කණ්ඩායම් 6 සුපිරි හය වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා.
සෑම කණ්ඩායමක්ම මූලික වටයේ දී ලබා ගන්නා ප්‍රසාද ලකුණු ද (සිය කාණ්ඩයේ අවසන් ස්ථාන දෙකේ පසුවන කණ්ඩායම් දෙකට එරෙහිව ලබා ගත් ප්‍රසාද ලකුණු හැර) සුපිරි 6 වටය සදහා රැගෙන යනවා.
සුපිරි හය වටයේ දී සෑම කණ්ඩායමක්ම ප්‍රතිවිරුද්ධ කාණ්ඩයෙන් තේරී පත් වූ කණ්ඩායම් තුනට එරෙහිව තරග කිරීමට නියමිතයි.
සුපිරි හය වටය අවසානයේ දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහා තරගයට හා ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.
මේ අතර, තරගාවලියේ සජීවී විකාශන කටයුතු සිදු කෙරෙන ආකාරය ද ජගත් ක්‍රිකට් කවුන්සලය අද නිවේදනය කළා.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ TV1 හා Sirasa TV නාලිකා ඔස්සේ තරගාවලියේ තරග 34 සජීවීව විකාශය කිරීමට නියමිතව ඇති බවත්, ඩිජිටල් විකාශන කටයුතු Maharaja TV වෙබ් අඩවිය ඔස්සේ සිදු වන බවත්, අයි.සී.සීය නිකුත් කළ නිවේදනයේ සදහන්.
තෝරා ගත් තරග Star Sports 1 නාලිකාව ඔස්සේ ද සජීවීව විකාශය කිරීමට නියමිතයි.(ලොව පුරා විකාශන කටයුතු සිදු වන ආකාරය පහතින්)
මේ අතර, විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (DRS) සුපිරි හය වටයේ සිට යොදා ගැනීමට ද නියමිතව ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.
සුදුසුකම් ලැබීමේ තරගාවලිය සදහා එම ක්‍රමවේදය යොදා ගන්නා පළමු අවස්ථාව මෙය වනු ඇති.
Qualifier Fixtures (All matches start at 9:00am local time)
- Sunday, 18 June
Zimbabwe v Nepal, Harare Sports Club
West Indies v USA, Takashinga Cricket Club - Monday, 19 June
Sri Lanka v UAE, Queen’s Sports Club
Ireland v Oman, Bulawayo Athletic Club - Tuesday, 20 June
Zimbabwe v Netherlands, Harare Sports Club
Nepal v USA, Takashinga Cricket Club - Wednesday, 21 June
Ireland v Scotland, Queen’s Sports Club
Oman v UAE, Bulawayo Athletic Club - Thursday, 22 June
West Indies v Nepal, Harare Sports Club
Netherlands v USA, Takashinga Cricket Club - Friday, 23 June
Sri Lanka v Oman, Queen’s Sports Club
Scotland v UAE, Bulawayo Athletic Club - Saturday, 24 June
Zimbabwe v West Indies, Harare Sports Club
Netherlands v Nepal, Takashinga Cricket Club - Sunday, 25 June
Sri Lanka v Ireland, Queen’s Sports Club
Scotland v Oman, Bulawayo Athletic Club - Monday, 26 June
Zimbabwe v USA, Harare Sports Club
West Indies v Netherlands, Takashinga Cricket Club - Tuesday, 27 June
Sri Lanka v Scotland, Queen’s Sports Club
Ireland v UAE, Bulawayo Athletic Club - Thursday, 29 June
Super 6: A2 v B2, Queen’s Sports Club - Friday, 30 June
Super 6: A3 v B1, Queen’s Sports Club
Playoff: A5 v B4, Takashinga Cricket Club - Saturday, 1 July
Super 6: A1 v B3, Harare Sports Club - Sunday, 2 July
Super 6: A2 v B1, Queen’s Sports Club
Playoff: A4 v B5, Takashinga Cricket Club - Monday, 3 July
Super 6: A3 v B2, Harare Sports Club - Tuesday, 4 July
Super 6: A2 v B3, Queen’s Sports Club
Playoff: 7th v 8th Takashinga Cricket Club - Wednesday, 5 July
Super Six: A1 v B2, Harare Sports Club - Thursday, 6 July
Super Six: A3 v B3, Queen’s Sports Club
Playoff: 9th v 10th Takashinga Cricket Club - Friday, 07 July
Super Six: A1 v B1, Harare Sports Club - Sunday, 09 July
Final, Harare Sports Club

