Ultimate magazine theme for WordPress.

වසර දෙකකට පසු රෆායල් නඩාල් අවසන් තරගයකට

ස්විඩන් විවෘත ටෙනිස් තරගාවලියේ (Nordea Open) අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණා.

ඒ, අවසන් පූර්ව වටයේ දී ක්‍රොඒෂියාවේ Duje Ajdukovic තරග වට 2-1 ක් ලෙස පරාජයට පත් කරමින්. ලකුණු සටහන දැක් වුණේ 4-6, 6-3, 6-4 ක් ලෙසයි.

2022 වසරේ පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලියෙන් පසුව නඩාල් අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

ඉරිදා (21) පැවැත්වෙන අවසන් තරගයේ දී ඔහු පෘතුගාලයේ Nuno Borges ට එරෙහිව තරග වැදීමට නියමිතයි.