ENG vs WI : කොදෙව් ටෙස්ට් සංචිතයට වෙනසක්

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්රීඩක Jeremiah Louis හට එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තෙවැනි හා අවසන් ටෙස්ට් ක්රිකට් තරගය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.
ඔහුගේ පාදයක සිදුව ඇති ආබාධයක් (hamstring injury) හේතුවෙන් ඔහුට එම තරගයෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි කොදෙව් ක්රිකට් ආයතනය නිවේදනය කළේ.
ඒ අනුව ඔහු වෙනුවට Akeem Jordan කොදෙව් ටෙස්ට් සංචිතයට ආදේශ කිරීමට තීරණය කර තිබෙනවා.
Jeremiah Louis හා Akeem Jordan යන ක්රීඩකයින් දෙදෙනාම මෙතෙක් ටෙස්ට් වරම් දිනා ගෙන නැහැ.
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලිය තරග 2-0 ක් ලෙස මේ වන විට එංගලන්තය ඉදිරියෙන් පසුවනවා.
අවසන් ටෙස්ට් තරගය එළඹෙන 26 වැනි සිකුරාදා බර්මිංහැම්හී දී ආරම්භ වීමට නියමිතයි.