Ultimate magazine theme for WordPress.

Clarkson ට තෙවැනි තරගය අහිමි වෙයි ; විල් යන්ග් ආදේශ කෙරේ

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව Josh Clarkson ට අහිමි වී තිබෙනවා.

ඒ, Central Districts කණ්ඩායම නියෝජනය කරමින් නවසීලන්ත Super Smash තරගාවලියට ක්‍රීඩා කරමින් සිටියදී ඔහුගේ උරහිසක සිදුවූ ආබාධයක් හේතුවෙන්.

ඒ අනුව බදාදා ඩුනේඩින් හී දී පැවැත්වීමට නියමිත තෙවැනි 20යි 20 තරගය සදහා වන සංචිතයට විල් යන්ග් ආදේශ කර තිබෙනවා.

මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර වරම් දිනා නොමැති Josh Clarkson තෙවැනි තරගය සදහා පමණක් වන නවසීලන්ත සංචිතයට නම් කර තිබුණේ කේන් විලියම්සන් එම තරගයෙන් විවේක ගැන්වීමට තීරණය කර ඇති බැවින්.

කෙසේ වෙතත්, Josh Clarkson ආබාධයට ලක් වීම නිසා ඔහුට තෙවැනි තරගයට ක්‍රීඩා කළ හැකි වන්නේ නැහැ. ඒ අනුව විල් යන්ග් ඉදිරියේ දී තෙවැනි තරගය අරමුණු කර ගනිමින් නවසීලන්ත සංචිතය සමග එක් වනු ඇති.