Ultimate magazine theme for WordPress.

මාපාකා සමග දකුණු අප්‍රිකා T20 සංචිතය නම් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය නම් කර තිබෙනවා.

මෙම වසරේ පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ වේග පන්දු යවන ක්‍රීඩක ක්වේනා මාපාකා ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ද නියෝජනය කළා.

මැදපෙල පිතිකරුවෙකු වන මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති ජේසන් ස්මිත් ද සංචිතයට නම් කර තිබෙනවා.

ක්වෙන්ටන් ඩී කොක්, හෙන්රික් ක්ලාසන්, අන්රික් නොකියා, ඩේවිඩ් මිලර් හා ටබ්රයිස් ශම්සි සංචිතයට නම් කර නැහැ.

CPL තරගවලිය ද ඉදිරියේ දී ආරම්භ වීමට නියමිතව තිබීම හේතුවෙන් ඇතැම් ක්‍රීඩකයින් මෙලෙස සංචිතයට නම් කර නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, CPL තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා St Kitts and Nevis Patriots කණ්ඩායම සමග ගිවිසුම්ගතව ඇති ට්‍රිස්ටන් ස්ටබ්ස් සංචිතයට නම් කර තිබෙනවා.

කාගිසෝ රබාඩා, කේෂාව් මහරාජ් හා මාර්කෝ ජන්සෙන් මෙම විස්සයි 20 තරගාවලියෙන් විවේක ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

අගෝස්තු 23 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලිය ට්‍රිනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

South Africa squad for T20I series in the West Indies

Aiden Markram (c), Ottneil Baartman, Nandre Burger, Donovan Ferreira, Bjorn Fortuin, Reeza Hendricks, Patrick Kruger, Kwena Maphaka, Wiaan Mulder, Lungi Ngidi, Ryan Rickelton, Jason Smith, Tristan Stubbs, Rassie van der Dussen, Lizaad Williams