Ultimate magazine theme for WordPress.

සති දෙකකට පසු සමරවීර ප්‍රධාන පුහුණුකරු තනතුර අත් හරියි

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමෙන් සති දෙකකට පසුව එම ධූරයෙන් ඉවත් වීමට දුලිප් සමරවීර මහතා තීරණය කර තිබෙනවා.

පුහුණු කාර්යය මණ්ඩලයට ඔහුට අවශ්‍යව තිබූ පත් කිරීමක් ප්‍රාන්ත කණ්ඩායමේ ප්‍රතිපත්ති හේතුවෙන් සිදු කිරීමට නොහැකි වීම මත පදනම්ව ඔහු එම ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බවයි වික්ටෝරියා ප්‍රාන්ත කණ්ඩායම නිවේදනය කළේ.

ඒ අනුව එම කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස Melbourne Renegades කාන්තා කණ්ඩායමේ සහාය පුහුණුකරු Andrew Christie පත් කර තිබෙනවා.

Jarrad Loughman පසුගිය නොවැම්බර් මාසයේ දී ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් වීමෙන් පසුව වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ සමරවීර මහතා වසර දෙකක ගිවිසුමක් යටතේයි මෙම මස මුලදී එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගත්තේ.

දුලිප් සමරවීර 1993 හා 1994 වසරවලදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරග හතක් හා එක්දින තරග පහක් ක්‍රීඩා කර තිබුණා.