Ultimate magazine theme for WordPress.

Watch : SUPERMAN! ග්ලේන් පිලිප්ස් රැක ගත් ඇදහිය නොහැකි අති විශිෂ්ඨ උඩ පන්දුව

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (9) දින‍යේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට නවසීලන්ත ක්‍රීඩක ග්ලේන් පිලිප්ස් සමත් වුණා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස මර්නස් ලබුෂේන් ලකුණු 90කට දවා ගැනීම සදහායි ඔහු මෙම අති විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත්තේ.

Gully කලාපයේ පන්දු රකිමින් සිටි පිලිප්ස් උඩු ගුවනේ පාවෙමින් සිය දකුණු අත පමණක් භාවිතා කරමින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තා.

ඔස්ට්‍රේලියානු පළමු ඉනිම ලකුණු 256 කට සීමා කිරීමට ද මෙම අනර්ඝ උඩ පන්දුව හේතු වුණා. නවසීලන්තය පළමු ඉනිමට ලබා ගත් ලකුණු 162 ට පිළිතුරු වශයෙනුයි ඔස්ට්‍රේලියාව එම ලකුණු සංඛ්‍යාව වාර්තා කළේ.

තරගය නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හී දී පැවැත්වෙනවා.