Ultimate magazine theme for WordPress.

Watch: Logan van Beek දවා ගැනීමට අසලංක රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක අද(21) සමත් වුණා.

ලක්නව් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ නෙදර්ලන්තයයි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්තය පන්දුවාර 49.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 262 ක්.

ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 91 ක් තුළ බිද වැටුණු පසුබිමකයි ඔවුන් එලෙස සටන්කාමී ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණේ.

Sybrand Engelbrecht ලකුණු 70 ක් හා Logan van Beek ලකුණු 59 ක් ලබා ගනිමින් බිද වැටුණු ඉනිම ගොඩ නැගුවා. ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 130 (143) ක්.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක හා කසුන් රාජිත කඩුලු 4 බැගින් බිද හෙලුවා.

van Beek ගේ කඩුල්ල දවා ගැනීම සදහායි අසලංක විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ. (දර්ශන පහතින්)