Ultimate magazine theme for WordPress.

Watch : හයේ පහර 7ක් සමග අන්ඩ්‍රි රසල් පන්දු 25 කින් වාර්තා කළ ලකුණු 64*

කොල්කටා නයිට් රයිඩර්ස් පිතිකරු අන්ඩ්‍රි රසල් අද(23) සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිව වේගවත් පිතිහරඹයක නිරත වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගයේ දී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 208 ක්.

අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි රසල් පන්දු 25 ක් පමණක් වැය කරමින් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 64 ක්.

දැවැන්ත හයේ පහර 7කින් හා හතරේ පහර 3කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

දර්ශන පහතින් –

Leave a comment