Ultimate magazine theme for WordPress.

Watch : සියල්ලන් මවිත කරවමින් වසර 10 කට පසු කෝලි දවා ගත් කඩුල්ල

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි අද (12) පන්දු යැවීමෙන් ලොව පුරා ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

ඒ, මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 45 වැනි තරගයේ දී නෙදර්ලන්තයට එරෙහිව කඩුල්ලක් දවා ගනිමින්.

බැංගලූරුහී දී අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 410 ක් ලබා ගත්තා.

ඉන්දීය පිළිතුරු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස නායක ස්කොට් එඩ්වර්ඩ්ස් දවා ගැනීමට කෝලි සමත් වුණේ රැස්ව සිටි දහස් ගණනක් වූ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රීතිඝෝෂා මැදයි.

මෙය කෝලි දවා ගත් 5 වැනි එක්දින ජාත්‍යන්තර කඩුල්ලයි. එමෙන්ම ඔහු එක්දින කඩුල්ලක් දවා ගත්තේ වසර 10කට පමණ පසුව වීම ද විශේෂත්වයක්. (දර්ශන පහතින්)