Ultimate magazine theme for WordPress.

Watch : වසර 5කට පසු කෝලි පළමු පන්දුවෙන්ම දැවී ගිය දුෂ්මන්තගේ සුපිරි පන්දුව

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගය අද (19) රාත්‍රියේ මුම්බායි හී දී ආරම්භ වුණා.

ඒ, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

බැංගලෝර් ඉනිමේ පළමු කඩුලු දෙක තරගයේ පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුණා.

පළමු පන්දුවාරයේ 5 වැනි හා 6 වැනි පන්දුවලදී ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ අනුජ් රාවත් හා විරාට් කෝලි.

කෝලි පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර, ඔහු එලෙස අයි.පී.එල් තරගයක පළමු පන්දුවෙන්ම දැවී ගියේ වසර 5කට පසුව වීම විශේෂත්වයක්.