Watch : වනිදු හසරංගගේ මංගල IPL කඩුලු 5

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග පිටියේ දී බිද හෙලූ සිය පළමු කඩුලු පහේ අවස්ථා සනිටුහන් කිරීමට අද(8) සමත් වුණා.
ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 54 වැනි තරගයේ දී සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමට එරෙහිවයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 192ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායමට පන්දුවාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125ක් පමණයි.
සන්රයිසස් හයිදරාබාද් ඉනිම සම්පූර්ණයෙන්ම අඩපන කළ වනිදු හසරංග ලකුණු 18ක් පමණක් ලබා දෙමින් කඩුලු 5ක් දවා ගත්තා.
ඔහුගේ සිව්වැනි පන්දුවාරය නිලකුණු පන්දුවාරයක් ලෙසයි සටහන් වුණේ.
මේ වන විට වනිදු හසරංග මෙවර තරගාවලියේ දී තරග 12කට ක්‍රීඩා කර බිද හෙලා ඇති කඩුලු ගණන 21ක්.
ඒ අනුව තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර ඔහු දෙවැනි වන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ යුස්වේන්ද්‍ර චෙහල්ට පමණයි.
— cric fun (@cric12222) May 8, 2022