Ultimate magazine theme for WordPress.

Watch : රෝහිත්ගේ කඩුල්ලටම යොමු කළ ලයන්ගේ සුපිරි පන්දුව

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර දිල්ලි හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.(18)

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 21 ක් ලබා සිටියා. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 263 ට පිළිතුරු වශයෙන්.

අද දිනයේ දැවී ගිය පළමු කඩුල්ල බවට පත් වූයේ කේ එල් රාහුල්. ඔහු ලකුණු 17 කට දවා ගත්තේ නේදන් ලයන් විසින්.

අනතුරුව නායක රෝහිත් ෂර්මාගේ කඩුල්ල ද දවා ගැනීමට ලයන් සමත් වුණා. ඒ, ඔහු යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමට සලස්වමින්. (දර්ශන පහතින් නරඹන්න)

රෝහිත් ෂර්මා දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 32 ක්.

මෙම තරගයේ දී තම 100 වැනි ටෙස්ට් තරගය ක්‍රීඩා කරන චෙටස්වර් පුජාරාට කිසිදු ලකුණක් රැස් කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු ද දැවී ගියේ නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්.