Watch : රබාඩා සුපිරි පන්දුවකින් ඉන්ග්ලිස් දවා ගත් හැටි

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඔස්ට්‍රේලියානු පිතිකරු ජොෂ් ඉන්ග්ලිස් දවා ගැනීමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කාගිසෝ රබාඩා අද(12) සමත් වුණා.
රබාඩාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ඉන්ග්ලිස් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 5ක්.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 311 ක් ලබා ගත්තා.
ඔස්‍ට්‍රේලියානු පිළිතුරු ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙසයි ජොෂ් ඉන්ග්ලිස් දැවී ගියේ. ඒ වන විට ඔස්ට්‍රේලියානු ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 56 ක් ලෙසයි.