Ultimate magazine theme for WordPress.

Watch : යොවුන් ලෝක කුසලානයේ දී කොදෙව් නායකයා රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායමේ නායක Stephan Pascal අද(2) සමත් වුණා.

ඔස්ට්‍රේලියාව සමග ආරම්භ වූ මෙම තරගයේ දී ඔස්ට්‍රේලියානු යොවුන් පිලේ Raf MacMillan දවා ගැනීම සදහායි ඔහු එම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

Kimberley හී දී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව කඩුලු අටක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 227 ක්.

Sam Konstas ලකුණු 108 ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී Nathan Edward ලකුණු 32 කට කඩුලු 3 ක් දවා ගත්තා.