Watch : මීටර් 112 ක් දුරට ඇන්ඩ්‍රි ෆ්ලෙචර් ගහපු අති දැවැන්ත හයේ පහර මෙන්න

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී පිතිකරුවෙකු මෙතෙක් එල්ල කළ දිගම හයේ පහර එල්ල කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ඇන්ඩ්‍රි ෆ්ලෙචර් අද(10) සමත් වුණා.
ඒ, දඹුල්ලේ දී ආරම්භ වූ තරගාවලියේ 14 වැනි තරගයේ දී ගෝල් මාර්වල්ස් කණ්ඩායමට එරෙහිවයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 187 ක් ලබා ගනිමින්.
ෆ්ලෙචර් පන්දු 43 කින් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 69 ක්. හයේ පහර 4 ක් හා හතරේ පහර 6 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
ඔහු 11 වැනි පන්දුවාරයේ දී ඉසුරු උදානට එරෙහිව එල්ල කළ හයේ පහරක දුර සටහන් වූයේ මීටර් 112 ක් ලෙසයි. එය මෙවර තරගාවලියේ දී පිතිකරුවෙකු එල්ල කළ දැවැන්තම හයේ පහරයි.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) July 10, 2024