Ultimate magazine theme for WordPress.

Watch : මැතිව්ස්ට සමච්චල් කරමින් රහීම් ජය සැමරූ හැටි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර එක්දින ක්‍රිකට් තරගාවලිය අද(18) නිමා වුණේ බංග්ලාදේශයට තරග 2-1 ක් ලෙස එක්දින තරගාවලියේ ජය හිමි කර දෙමින්.

දෙරට අතර පැවැති විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගැනීමෙන් පසුවයි බංග්ලාදේශය මෙලෙස එක්දින තරගාවලියේ ජය තහවුරු කර ගැනීමට සමත් වුණේ.

විස්සයි 20 තරගාවලිය ජය ගැනීමෙන් පසුව ශූරතා කුසලානය සමග ජය සැමරීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය අත් ඔරලෝසු හා මැණික්කටුව ප්‍රදේශය පෙන්වමින් ජය සැමරූ අයුරු ඔබට මතක ඇති.

ඇන්ජෙලෝ මැතිව්ස් Timed out ක්‍රමවේදය ඔස්සේ දවා ගැනීමට බංග්ලාදේශය ලෝක කුසලාන තරගාවලියේ දී කටයුතු කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම සැමරීම සිදු කළා.

මෙම සැමරීමට ප්‍රතිචාර දැක්වීමට බංග්ලාදේශ ක්‍රීඩකයින් අද කටයුතු කළ අයුරු දක්නට ලැබුණා. එක්දින තරගාවලියේ ජය වෙනුවෙන් ඔවුන්ට පිරිනැමුණු ශූරතා කුසලානය සමග ජය සැමරීමේ දී මුෂ්ෆිකර් රහීම් විසින් ඇන්ජෙලෝ මැතිව්ස්ගේ Timed out දැවී යාම අනුකරණය කරමින් රග දක්වන අයුරු දැකිය හැකි වුණා.