Ultimate magazine theme for WordPress.

Watch : මහීෂ් තීක්ෂණට ට්‍රැවිස් හෙඩ් ගොදුරු වූ හැටි

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී තමන් බිද හෙලූ පළමු කඩුල්ල දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩාමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(5) සමත් වුණා.

ඒ, සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමග හයිදරාබාද්හී දී ආරම්භ වූ තරගයේ දී යි.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ හයිදරාබාද් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

හයිදරාබාද් පිළිතුරු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ට්‍රැවිස් හෙඩ් දවා ගැනීමට තීක්ෂණ සමත් වුණා.

හෙඩ් පන්දු 24 කින් ලකුණු 31 ක් ලබා සිටියදීයි රචින් රවීන්ද්‍ර අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියේ.

මෙම තරගයේ දී සාර්ථක පන්දු යැවීමක නිරත වූ තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 27 කට කඩුල්ලක් දවා ගත්තා.

තීක්ෂණ දවා ගත් කඩුල්ලෙහි දර්ශන පහතින් –

Leave a comment