Ultimate magazine theme for WordPress.

Watch : මන්රෝගේ උපදෙස් පිළිපදිමින් ළමයෙකු රැක ගත් අනර්ඝ උඩ පන්දුව

මෙවර පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගය ඊයේ රාත්‍රියේ දී රාවල්පින්ඩි හී දී පැවැත්වුණා. ඒ, ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම හා පෙෂාවර් සල්මි කණ්ඩායම අතරයි.

මෙම තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණේ යුනයිටඩ් කණ්ඩායමේ කොලින් මන්රෝ විසින් හතරේ සීමාවෙන් පිටත පන්දු රකිමින් සිටි ළමයෙකුට උඩ පන්දු රැක ගැනීම සම්බන්ධයෙන් ලබා දුන් උපදෙස් කිහිපයකින් පසුව එම ළමයා විසින් සාර්ථක උඩ පන්දුවක් රැක ගැනීමේ සිද්ධියයි.

තරගයේ එක් අවස්ථාවකදී අදාළ ළමයා විසින් හතරේ සීමාවෙන් පිටත සිට උඩ පන්දුවක් රැක ගැනීමට උත්සාහ කළ නමුත්, එය සාර්ථක වූයේ නැහැ.

අනතුරුව කොලින් මන්රෝ විසින් ඔහුට යම් උපදෙස් කිහිපයක් ලබා දෙනු ලැබුවා.

පසුව යළිත් පිතිකරුවෙකු එල්ල කළ හයේ පහරකින් පසුව ඉහළින් ඇදී ආ උඩ පන්දුව සාර්ථක ලෙස රැක ගැනීමට එම ළමයාට හැකි වුණා.

අනතුරුව එම උඩ පන්දු රැක ගැනීම කොලින් මන්රෝ සමග සැමරීමට ද එම ළමයා අමතක කළේ නැහැ.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Leave a comment