Ultimate magazine theme for WordPress.

Watch : බුම්රාගේ සුපිරි යෝකර් පන්දුවක් හමුවේ ව්රිධිමන් දැවී ගිය හැටි

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා.

අහ්මදාබාද්හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටයිටන්ස් ඉනිමේ 4 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී යි ඔහු එම කඩුල්ල දවා ගත්තේ.

බුම්රාගේ යෝකර් පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ව්රිධිමන් සහා. ඔහු පන්දු 15 කින් ලකුණු 19 ක් රැස් කළා.

මෙම තරගය වෙනුවෙන් මුම්බායි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රීඩා කරන්නේ නැහැ.

Leave a comment