Watch : බංග්ලාදේශය ගත් ඉතිහාසයේ දුර්වලම review අවස්ථාව?

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(30) චිතගොංහී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා ඉනිමේ දී බංග්ලාදේශය විසින් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය (review) යොදා ගත් එක් අවස්ථාවක් බොහෝ දෙනෙකුගේ හාස්‍යට ලක් වනු දැකිය හැකි වුණා.
ඉනිමේ 44 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවට මෙලෙස ඔවුන් විනිසුරු තීරණ නැවත විමසීමේ ක්‍රමවේදය ඔස්සේ විනිසුරු තීරණයක් අභියෝගයට ලක් කළේ කුසල් මෙන්ඩිස්ට එරෙහිවයි.
තයිජුල් ඉස්ලාම් විසින් යොමු කළ අදාළ පන්දුව කුසල් මෙන්ඩිස්ගේ පා ආවරණයේ වැදී පිත්තේ වැදුණු බවට සැක කළ බංග්ලාදේශ ක්‍රීඩකයින් එය කඩුල්ල මුවා කිරීමේ වරදක් සිදු වූ අවස්ථාවක් විය හැකි බවට අනුමාන කළා.
කෙසේ වෙතත්, පුනරූපනවලදී දැකිය හැකි වූයේ එම පන්දුව කෙළින්ම පිත්තේ මැද වදින ආකාරයක්.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) March 30, 2024