Ultimate magazine theme for WordPress.

Watch : පාදයෙන් – මුහුණෙන් – අතෙන් රැක ගත් මිලර්ගේ උඩ පන්දුව

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 42 වැනි තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ උඩ පන්දුවක් රැක ගැනීමට දකුණු අප්‍රිකාවේ ඩේවිඩ් මිලර් අද(10) සමත් වුණා.

අහ්මදාබාද් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී දකුණු අප්‍රිකාවේ ප්‍රතිවාදීන් වූයේ ඇෆ්ඝනිස්තානයයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඇෆ්ඝනිස්තාන ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස රහ්මත් ශාහ් දවා ගැනීම සදහායි මිලර් විසින් සුපිරි උඩ පන්දුවක් රැක ගත්තේ.

දැවී යන විට රහ්මත් ශාහ් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 26 ක්.