Watch : පළමු පන්දුවාරයේ දී ම පැතුම්ගේ පිත්ත දෙකට කැඩී ගිය හැටි
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (5) ඩුනේඩීන් හී දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට නවසීලන්තය සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.
අද තරගය සදහා නවසීලන්තයෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගය සදහා කසුන් රාජිත කැදවා ඇත්තේ චාමික කරුණාරත්න වෙනුවටයි.
ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 18 කට සීමා කරමින් කුසල් මෙන්ඩිස් ලකුණු 10 (5) කට දැවී ගියා. පැතුම් නිස්සංක ලකුණු 9(9) යි.
ඉනිමේ පළමු පන්දුවාරයේ පස්වැනි පන්දුවේ දී පැතුම් නිස්සංකගේ පිත්ත පන්දුව වැදීමත් සමග කැඩී යාමකට ලක් වීම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදු වීමක් බවට පත් වුණා.
ඇඩම් මිල්න් යොමු කළ පන්දුවක් හමුවේ යි ඔහුගේ පිත්ත එලෙස කොටස් දෙකකට කැඩී ගියේ.(දර්ශන පහතින්)
කණ්ඩායම් දෙක –
New Zealand XI :
Chad Bowes, Tim Seifert, Tom Latham(w/c), Daryl Mitchell, Mark Chapman, James Neesham, Rachin Ravindra, Adam Milne, Henry Shipley, Ish Sodhi, Ben Lister
Sri Lanka XI
Pathum Nissanka, Kusal Mendis, Kusal Perera (w), Dhananjaya de Silva, Charith Asalanka, Dasun Shanaka(c), Wanindu Hasaranga, Kasun Rajitha, Maheesh Theekshana, Dilshan Madushanka, Pramod Madushan
— CricDaily24 (@cricday96) April 5, 2023