Ultimate magazine theme for WordPress.

Watch : පන්දුව නිදැල්ලේ යැවූ ජඩේජාට වුණ දේ

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර නාග්පූර්හීදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(11).

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 321 ක්. ඔවුන් සියලු දෙනා දැවී ලකුණු 400 ක් රැස් කළා.

ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු 177 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව ඉන්දියාව පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 223 ක්.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස දැවී ගියේ රවීන්ද්‍ර ජඩේජා. ඔහු ලකුණු 70 ක් ලබා ගත්තේ පන්දු 185 කට මුහුණ දෙමින්. ජඩේජාගේ ඉනිමට හතරේ 9 ක් ඇතුළත් වුණා.

රවීන්ද්‍ර ජඩේජා දැවී ගියේ මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ ටොඩ් මර්ෆිගේ (Todd Murphy) 6 වැනි ටෙස්ට් කඩුල්ල බවට පත් වෙමින්.

මර්ෆි විසින් යොමු කළ පන්දුවක් නිදැල්ලේ යැවීමට උත්හාස කිරීමේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ජඩේජාට යළි ක්‍රීඩාගාරය වෙත හැරී යාමට සිදු වුණේ.

එම කඩුල්ලේ දර්ශන පහතින් නරඹන්න –