Ultimate magazine theme for WordPress.

Watch : පන්දුව නිදැල්ලේ යවා ලේතම් පිරිනැමූ ඇන්ඩර්සන්ගේ 650 වැනි ටෙස්ට් කඩුල්ල

එංගලන්ත සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් අද(13) සිය ටෙස්ට් දිවියේ 650 වැනි කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

ඒ, නවසීලන්තය සමග එංගලන්තයේ නොටින්හැම් හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දී යි.

නවසීලන්ත දෙවැනි ඉනිමේ දී ආරම්භක පිතිකරු හා නායක ටොම් ලේතම්ගේ කඩුල්ල දවා ගනිමිනුයි ඇන්ඩර්සන් සිය 650 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ.

ඇන්ඩර්සන්ගේ පන්දුවක් නිදැල්ලේ යැවීමට උත්සාහ කිරීමේ දී එම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ටොම් ලේතම් දැවී ගියේ.

ඔහු දැවී යන විට ලබා ගෙන සිටියේ ලකුණු 4ක් පමණයි.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 553ක්. ඩැරල් මිචෙල් ලකුණූ 190යි.

පිළිතුරු ලෙස එංගලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 539ක් රැස් කළා.

ඒ, ජෝ රූට් වාර්තා කළ ලකුණු 176න් ශක්තිමත් වෙමින්.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 5ක් දවා ගත්තා.

ඇන්ඩර්සන්ගේ 650 වැනි ටෙස්ට් කඩුල්ල පහතින් නරඹන්න –