Watch : නෙදර්ලන්තයට එරෙහිව ස්ටක් බිද හෙලූ සුපිරි කඩුලු ත්‍රිත්වය මෙන්න
අයි.සී.සී ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග යටතේ නෙදර්ලන්තයට එරෙහි තරගයේ දී කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ඔස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටක් අද(30) සමත් වුණා.
වර්ෂාවෙන් සිදු වූ බාධා හේතුවෙන් තිරුවානන්තපුරම් හී දී ආරම්භ වූ මෙම තරගයේ එක් ඉනිමක් පන්දුවාර 23 කට සීමා කෙරුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව නියමිත පන්දුවාර 23 අවසන් කළේ කඩුලු 7 ක් දැවී ලකුණු 166 ක් රැස් කරමින්.
නෙදර්ලන්ත ඉනිමේ පළමු කඩුලු 3 පිට පිට පන්දු තුනකදී දවා ගනිමිනුයි ස්ටක් විසින් කඩුලු ත්‍රිත්වය සම්පූර්ණ කළේ.
ඔහුගේ පන්දු හමුවේ දැවී ගියේ Max O’Dowd, Wesley Barresi හා Bas de Leede.
ඉනිමේ පළමු පන්දුවාරයේ අවසන් පන්දු දෙකේ දී හා තෙවැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී ස්ටක් කඩුලු ත්‍රිත්වය දවා ගත්තා.
දර්ශන පහතින් නරඹන්න –
❌ Max O'Dowd – 0(1)
❌ Wesley Barresi – 0(1)
❌ Bas de Leede – 0(1)A hat-trick 🎩 for Mitchell Starc #AUSvNED #WorldCup2023 pic.twitter.com/cfYxhYp6qX
— 💥 S.సయ్యద్~صابر.S💥 (@sds_AFET) September 30, 2023