Ultimate magazine theme for WordPress.

Watch : දෙකට කැඩුණු පිත්තෙන් ගහපු හයේ පහර

මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලි‍යේ 5 වැනි තරගයේ දී Brisbane Heat කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණිය වූ Grace Harris ට අපූර්ව අත්දැකීමකට මුහුණ දීමට සිදු වුණා.

North Sydney හී දී පැවැති මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Perth Scorchers කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් Heat කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 229 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Scorchers කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 179 ක් පමණයි.

ඒ අනුව මෙම තරගයෙන් Brisbane Heat කණ්ඩායමට ලකුණු 50 ක ජයක් හිමි වුණා.

Heat කණ්ඩායම වෙනුවෙන් Grace Harris නොදැවී ලකුණු 136 ක් ලබා ගත්තේ පන්දු 59 ක් පමණක් වැය කරමින්. ඇයගේ ඉනිමට හයේ පහර 11 ක් හා හතරේ පහර 12 ක් ඇතුළත්.

ඇය රැස් කළ ලකුණු සංඛ්‍යාව ඉතිහාසගත වුණේ කාන්තා බිග් බෑෂ් තරගයකදී පිතිකාරිණියක් වාර්තා කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

මෙම ඉනිමේ දී ඇය එක් හයේ පහරක් එල්ල කිරීමේ දී ඇයගේ පිත්ත දෙකට කැඩී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වුණා.

එම පන්දුව යොමු කිරීමට පෙර ඇයගේ පිතිකරණයට සුදුසු මට්ටමක නොතිබූ අතර, ඇයට නව පිත්තක් කඩිනමින් අවශ්‍යදැයි කණ්ඩායමේ සාමාජිකාවක් විමසනු ලැබුවා.

කෙසේ වෙතත්, ඇය නව පිත්ත එම අවස්ථාවේ දී ම අවශ්‍ය නොවන බව පවසමිනුයි අදාළ හයේ පහර එල්ල කළේ. නමුත්, එම පහර එල්ල කිරීමත් සමගම ඇයගේ පිත්ත දෙකට කැඩී ගියා.

දර්ශන පහතින් –

Leave a comment