Ultimate magazine theme for WordPress.

Watch : දිනයේ පළමු පන්දුවාරයෙන්ම අසාර් අලී දැවී ගිය හැටි

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.

වර්ෂාව හේතුවෙන් අද දිනය සඳහා තරගය ආරම්භ කෙරුණේ නියමිත වේලාවට වඩා පැය භාගයක කාලයක් ප්‍රමාද වීමෙන් අනතුරුවයි.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්ථානය කඩුලු දෙකක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 24 ක්.

පාකිස්තාන කණ්ඩායමේ තෙවැනි කඩුල්ල අද දිනයේ යොමු කෙරුණු පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීම විශේෂත්වයක්.

එලෙස දැවී ගියේ ලකුණු 3 ක් ලබා සිටි අසාර් අලී.

ප්‍රභාත් ජයසූරිය යොමුකළ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වීමෙන් ඔහු දැවී ගියා.

ගාල්ලේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 222 ක්.