Watch : තුෂාරගෙන් SA20 පිටියේ දී සුපිරි පන්දු යැවීමක් – දවා ගත් කඩුලු දෙක මෙන්න

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද (21) MI Cape Town නියෝජනය කරමින් SA20 වරම් හිමි කර ගත්තා.
ඒ, මෙවර තරගාවලියේ 14 වැනි තරගයේ දී Paarl Royals කණ්ඩායමට එරෙහිවයි.
පාර්ල්හී දී ආරම්භ වූ මෙම තරගයේ දී නුවන් තුෂාර පන්දුවාර 4 තුළ දී ලකුණු 27 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත් වුණා.
පළමුව පන්දුවට පහරදුන් Royals ඉනිමේ 18 වැනි පන්දුවාරයේ පළමු පන්දු දෙක තුළ දී යි ඔහු විසින් ජොස් බට්ලර් හා ෆේබියන් ඇලන් දවා ගැනීමට සමත් වුණේ.
බට්ලර් දැවී යන විට පන්දු 42 කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 54 ක්. ජේසන් රෝයි ලකුණු 68(46) ක් ලබා ගත්තා.
නියමිත පන්දුවාර 20 අවසානයේ දී Paarl Royals කණ්ඩායම කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 162 ක්.
Nuwan Thushara adding to the heat in Paarl 🔥#Betway #SA20 #WelcomeToIncredible #PRvMICT pic.twitter.com/Iiy4Jr98Yr
— Betway SA20 (@SA20_League) January 21, 2024