Ultimate magazine theme for WordPress.

Watch : තීක්ෂණගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී රමන්දීප් දැවී ගිය හැටි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයේ දී සාර්ථක පන්දු යැවීමක නිරත වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(8) සමත් වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමයි.

චෙන්නායි හී දී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 28 කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වුණා.

ඔහුගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ ලකුණු 13 ක් ලබා සිටි රමන්දීප් සිං.(දර්ශන පහතින්)

Leave a comment