Watch : ටෙස්ට් තරගයට කඩා වැදුණු තලගොයා

කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ඝනිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි.
අද දිනයේ දී ක්‍රීඩාංගනයට තුළට තලගොයෙකු පැමිණීම නිසා තරගයට යම් බාධා වීමක් සිදු වීම කැපී පෙනුණා.
ශ්‍රී ලංකා ඉනිමේ 48 වැනි පන්දුවාරයේ දී යි එම තලගොයා ක්‍රීඩාංගනයට කඩා වැදුණේ. (දර්ශන පහතින්)
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 80 ක් ලබා සිටියා.
දිනයේ පළමු කඩුල්ල ලෙස නිශාන් මදුෂංක ලකුණු 37 කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 10 ක් පමණයි. දිමුත් කරුණාරත්න ලකුණු 77 ක් ලබා සිටියදී දැවී ගියා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තානය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 198 ක්.
— cric sl (@cricslvideo) February 3, 2024